කියා ගන්න ඇත නොයෙකුත් දේ මට
කියා ගන්න බෑ ඔය නෙතු අභියස
සිහිවීලා මම දමා ගියපු ඔබ
රිදවයි හදවත දිවා රෑයේ
සැන්දෑවේ ඔබ ගං ඉවුරේ හිද
මා දෙසවනයේ තොල්පෙති අතුලා
ආදරෙයි කියු සිහින් ස්වරය
මතකෙට ඇවිදින් මට යලි ආයෙත්
රිදවයි හදවත දිවා රෑයේ
යන්න වුනා ඔබ දමා මා ප්‍රියේ
සමාව අයදිමි සසර මතු භවෙත්
යස ඉසුරු නම් මිරිගුව අභියස
මා අදවුණු හැටි සිහිවීලා මට
රිදවයි හදවත දිවා රෑයේ
No comments:
Post a Comment