Tuesday, April 17, 2018

ඉගිලී යනවා හිත මගේ

"ඉගිලී යනවා හිත මගේ
දුටු දා ඉදලා රුව ඔබේ
ඔබ වෙත එනවා ඉගිලිලා
සිත මගේ යනවා ඔබ සොයා ...

කවුදෝ මැව්වේ රුව ඔබේ
නෙතු මුලා වුවා දිස්නයෙන්
දෙව්ලිය ඔබදෝ ආකහේ මා
සොයලා වැඩියාදෝ ඔයා...

රන්පැහැ ගැල්වු වත තබරේ
විහිදෙ ගන්ධය හද විමනේ
උමතුව මා මන කැල්මෙන් නෙතුගේ
අරුමය කිව මැන ඔය වත තබරේ ...   "

No comments:

Post a Comment