Thursday, March 8, 2018

My Father

"විදා අපමණ දුක් ගැහැට කද
නොබා යන ලෙස පෙරට මා හට
කියා දුන්නේ නුඹයි අර්ථය
සගවාන ආදරේ අපහට
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා රජ පියාණේනි.....

ඉකිගසන හද රීදී අතපා
කෙලෙස සගවා සිටියේ ද නුඹ
වාරු නැති කල දෙන්න අතහිත
සීන මවනෙමි චුටි දියණිය
එපා යන්නට සිතනු හැර දා
දිවිය පුර වෙත මා දමා
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා රජ පියාණේනි ....

දෙපා අතගා වදින සද ඔබෙ
පපුව ගැබුරම තෙත් වුනේ
නියගයක් වන් මහ පොළොව මත
සේද සලු අත රිදුම් දී
මදිය සී හෙළ වදන් මා හට
නිමා කරනට ඔබේ ගුණ කද
එපා යන්නට සිතනු හැර දා.....
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා රජ පියාණේනි ....."

No comments:

Post a Comment